ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්තු පදනම් කරගත් ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක ලේකම්වරයාගේ සම සභාපතීත්වයෙන්
සැප්තැම්බර් 30, 2025ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත (විශ්‍රාමික), මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එස්. මුදලිගේ මහතා සමඟ සම සභාපතීත්වයෙන්, ඊයේ (සැප්තැම්බර් 29) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ 2025 දෙවන කාර්තුව සඳහා වන කාර්තු පදනම් කරගත් ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීය.
රාජ්‍ය අංශයේ සියලුම සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්‍ෂිත ප්‍රතිඵල, එකඟ වූ පිරිවැය හා කාල රාමුව තුළ සාක්‍ෂාත් කර ගැනීම සඳහා අධීක්‍ෂණය කිරීම, ඇගයීම, පහසුකම් සැලසීම සහ නියමිත කාල රාමුව තුල අපේක්‍ෂිත සංවර්ධන ප්‍රතිඵල ලබා දීම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමේ ආයතන වලට උපදෙස් දීම, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වේ. 2024 අංක 44 දරන ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත’ හඳුන්වාදීමත් සමඟ මෙම කාර්යය තවදුරටත් තහවුරු කරන ලදී.
ඒ අනුව, ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දැනට පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ අධීක්‍ෂණය කිරීමට අවකාශය සැලසු අතර, එමඟින් සියලු කටයුතු ජාතික ප්‍රමුඛතා සහ උපායමාර්ගික අරමුණු සමඟ අනුකූලව පවත්වාගෙන යාම තහවුරු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම රැස්වීමට සහභාගී වූ අතර, ඔවුන් කාර්ය සාධනය ඇගයීම, අභියෝග හඳුනා ගැනීම සහ වැඩි කාර්යක්‍ෂමතාවක් සඳහා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක නිරත විය.
ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය අතර සමීප සම්බන්ධීකරණය පෝෂණය කිරීම මඟින්, මෙම සමාලෝචන ක්‍රියාවලිය ජාතික ව්‍යාපෘතිවල විනිවිදභාවය, වගවීම සහ නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කරයි, එමඟින් තිරසාර සංවර්ධනය සහ ජාතික ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ කැපවීම පිළිබිඹු කරයි.