ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කොළඹ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී
ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ඔක්තෝම්බර් 07, 2025
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රධානී Angelique Appeyroux මහත්මිය අද (ඔක්තෝබර් 7) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
සාකච්ඡාව අතරතුර, මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම පිළිපැදීම සහතික කිරීම සඳහා රතු කුරුස සංවිධානය විසින් දක්වන ලද දිගුකාලීන හා සැලකිය යුතු දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයා අගය කළේය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා රජයේ අඛණ්ඩ කැපවීම ඔහු තවදුරටත් අවධාරණය කළේය.
අමාත්‍යාංශයේ ඵලදායී මැදිහත්වීම අගය කරමින්, මානුෂීය අරමුණු ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙහි කැපවීම දූත මණ්ඩල ප්‍රධානි විසින් නැවත තහවුරු කල අතර, මානුෂීය අභියෝගවලට මුහුණදීමේදී සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමේදී අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.