නව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධූරයේ රාජකාරි අරඹයි

ඔක්තෝම්බර් 28, 2025

නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යූඑස්පී එන්ඩීයු පීඑස්සී පිඑච්ඩී එම්එස්සී (ඩීඑම්) එම්එස්සී (එන්එස්ඩබ්ලිව්එස්) පිජිඩිඑම්, ඊයේ (ඔක්තෝබර් 27) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

අනතුරුව, මේජර් ජෙනරල් නියංගොඩ අද (ඔක්තෝබර් 28) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් වසර 35කට අධික සුවිශේෂී සේවාවක් සිදුකල මේජර් ජෙනරල් නියංගොඩ, පරිපුර්ණ හා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහුගේ විශිෂ්ඨ හමුදා සේවය තුළදී, සිය කැපී පෙනෙන නායකත්වය සහ රාජකාරියට ඇති කැපවීම මනාව පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් අභියෝගාත්මක හා මුලික තනතුරු රාශියක රාජකාරි සිදුකොට ඇත.