ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා මාලාවක් පවත්වයි
ඔක්තෝම්බර් 29, 2025ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 28) දින කොළඹ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ඉහළ මට්ටමේ සාකච්ඡා මාලාවක් පවත්වනු ලැබීය.
ඒ අනුව පැවති පළමු සාකච්ඡාවේදී විශ්‍රාමික රණවිරුවන්ගේ හා රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරු පවුල් වල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් (W&OP) ක්‍රමවේදය හා සම්බන්ධ ගැටලු පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය. එහිදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහ විෂයානුබද්ධ අමාත්‍යාංශවල නිලධාරීන් විසින් පවතින පරිපාලනමය අභියෝග සමාලෝචනය කරනු ලැබූ අතර, අදාළ ප්‍රතිලාභීන් වෙත ප්‍රතිලාභ කඩිනමින් ලබා දීම සහතික කිරීම සඳහා අයදුම්පත් සහ අනුමැතියේ ක්‍රියාවලීන් විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගවේෂණය කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අපගේ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා නිසි ප්‍රවේශයක ඇති වැදගත්කම අවධාරණය කළ අතර, ආරක්‍ෂක ලේකම්වරයා විසින් එහිදී සිදුවන ක්‍රියාවලියෙහි ප්‍රමාදයන් ඉවත් කිරීම සඳහා අන්තර් ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදි. ඒ අනුව සාධාරණ, කාර්යක්‍ෂම සහ තිරසාර විශ්‍රාම වැටුප් කළමනාකරණ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් යටතේ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදීමෙන් මෙම සැසිය අවසන් විය.
ඉන් අනතුරුව, රක්නා ආරක්‍ෂක ලංකා සමාගම (RALL) වෙත අධිවේගී මාර්ග ආරක්‍ෂණ මෙහෙයුම් පැවරීමේ හැකියාව පිළිබඳ ගවේෂණය කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්විණි. මෙරට අධිවේගී මාර්ග ජාලයේ සමස්ත ආරක්‍ෂාව සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම RALL සඳහා හි මෙහෙයුම් විශේෂඥතාව දායක කරගත හැකි ආකාරය තක්සේරු කිරීම සහ පවතින ආරක්‍ෂක රාමුව ඇගයීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් අවස්ථාවකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ අයවැය පරතරය විසඳීම සඳහා වන යෝජනා පිළිබඳ රැස්වීමක් පැවැත්විණි. එහිදී සාකච්ඡාවට සහභාගීවූවන් විසින් සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මෙහෙයුම් සහ උපායමාර්ගික ඉලක්ක සපුරා ගැනීම සඳහා නිසි අයවැය ප්‍රතිපාදන සහතික කිරීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවරයන් පිළිබද අවධානය යොමු කළහ.
මෙම අඛණ්ඩ සාකච්ඡා ඔස්සේ, පරිපාලන කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම, ජාතික ආරක්‍ෂක මෙහෙයුම් වැඩිදියුණු කිරීම සහ විනිවිදභාවය සහ වගවීම අවශ්‍යතාවයන්ට අනුකූලව මනා ලෙස සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිපත්ති හා කළමනාකරණ මුලපිරීම් තුළින් ආරක්‍ෂක සේවා සාමාජිකයන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන ක්‍රියාශීලී ප්‍රවේශය පිළිබිඹු කරයි.