“රණවිරු ව්‍යවසායක අභිමන්” වැඩසටහන හරහා නැගී එන ව්‍යවසායක
රණවිරුවන් දිරිගැන්වීම සඳහා පියවර
නොවැම්බර් 03, 2025
'ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන හා ව්‍යාපාර ඇරඹුම් වැඩසටහන් සඳහා ආරක්‍ෂක අංශයේ දායකත්වය' යන තේමාව ඔස්සේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 30) දින කොළඹ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත, 'Mission Reboot' නම් ව්‍යාපෘතිය යටතේ, විශ්‍රාම ලැබීමට නියමිත සහ දැනට විශ්‍රාමික සන්නද්ධ හමුදා සාමාජිකයින් ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යවසායකයින් ලෙස දිරිගැන්වීම සඳහා ගනු ලබන මූලික පියවරේ තවදුරටත් පුළුල් කිරීමක් වශයෙන් පැවැත්විණ.
මෙම ක්‍රියාන්විතය සඳහා අමාත්‍යාංශ අතර සහයෝගිතාව අවධාරණය කරමින්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව සිදුකරනු ලැබීය.
සන්නද්ධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ සේවා කාලය අතරතුර පුළුල් පරාසයක කුසලතා හා අත්දැකීම් ලබා ගනී. ඒ අනුව ආහාර හා පාන සැකසුම්, ඇඟලුම්, ආරක්‍ෂක සේවා, තාක්‍ෂණික සේවා, කෘෂිකර්මාන්තය, වෙළඳ ව්‍යාපාර, සහ සැපයුම් වැනි ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයන් හට හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ව්‍යවසායකයින් වීමට හොඳ අවස්ථාවක් තිබේ.
මෙම අවශ්‍යතාවට පිළිතුරු දීම සඳහා, නියමු ව්‍යාපෘතියක් වශයෙන් ඊට අදාල පාඨමාලාවන් සඳහා අපේක්‍ෂකයින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණ පවත්වන ලදි. එහිදී තෝරාගත් ආධුනිකයින් ව්‍යාපාර සැලසුම්කරණය, මූල්‍ය සාක්ෂරතාවය, ඩිජිටල් අලෙවිකරණය, පරිසර පද්ධති මෙහෙයුම් සහ විවිධ අංශවලට විශේෂිත තාක්‍ෂණ ක්‍රමවේද ඇතුළු නිශ්චිත පුහුණු අවශ්‍යතා මත වර්ගීකරණය කරන ලදි.
මෙදින සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් දැනට ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ලබන හා විශ්‍රාමික සාමාජිකයින් සඳහා අවශ්‍ය පරිපාලන විධිවිධාන සුරක්‍ෂිත කිරීමේ පියවරයන් ඇගයීම පිළිබඳ අවධානය යොමු විය.
තවද, "රණවිරු ව්‍යවසායක අභිමන්" වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ජාතික වශයෙන් පිළිගත් නිපුණතා සංවර්ධන වැඩසටහන්වලට ප්‍රවේශ අවස්ථාවන් ලබා දීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය හරහා වෘත්තීය පුහුණු පාඨමාලා පහසුකම් සැලසීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදි. මිට සමගාමිව පවතින පුහුණු රාමු ශක්තිමත් කිරීම සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) වෙතින් අමතර සහය ලබා ගැනීමේ හැකියාවන් පිළිබඳව ද සාකච්ඡාවට සහභාගීවූවන් විසින් සමාලෝචනය කරන ලදි.
එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාතික ශ්‍රම බලකා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෘත්තීය හා තාක්‍ෂණික කුසලතාවලින් සන්නද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එමගින් සිවිල් අංශයන්හි රැකියා වෙත ඔවුන් ඵලදායී අයුරින් සංක්‍රමණය වීම තුලින් ජාතික සංවර්ධනයට දායක කර ගත හැකි බව ද දැක්වූයේය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික), වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ (විශ්‍රාමික), ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්‍ෂ මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.