රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ
නොවැම්බර් 20, 2025ශ්‍රී ලංකාවේ සාමය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම උදෙසා ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත "මා පිය රැකවරණ දීමනාව" ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශය විසින් සිදු කරනු ලබයි. මෙම දීමනාව යටතේ සුදුසුකම් ලත් දෙමාපියන්ට මාසිකව රු. 750.00ක මුදලක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.
දීමනාව ලබාගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට වරක් අදාළ ජීව දත්ත සහතිකය (Life Certificate) අනිවාර්යයෙන්ම රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම සහතිකය එම දෙමව්පියන් පදිංචි ග්‍රාම සේවා වසමේ ග්‍රාම සේවක නිලධාරියා විසින් සහතික කර පවතින වසරේ නොවැම්බර් මස පළවෙනි දින සිට එළඹෙන වසරේ පෙබරවාරි මස 28 දක්වා වූ මාස හතරක කාලසීමාව තුළ රණවිරු සේවා අධිකාරිය වෙත යොමු කළ යුතුය. දැනට 32867ක් වූ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් අතරින් 17000 ආසන්න ප්‍රතිලාභීන් පිරිසක් පමණක් නිසි පරිදි සහතිකය ලබා දී ඇති අතර, ඉතිරි ප්‍රතිලාභීන්ගේ ජීවත්වීම තහවුරු නොවීම හේතුවෙන් ඔවුන්ගේ මාසික දීමනා තාවකාලිකව අත්හිටුවීමට සිදුවී ඇත.
දැනටමත් ජීව දත්ත සහතිකය ලබා නොදුන් රණවිරු දෙමාපියන් කඩිනමින් ජීව දත්ත සහතිකය ලබා දී, තම දීමනා ලබා ගැනීමේ නෛතික අයිතිය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස රණවිරු සේවා අධිකාරිය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී. තවද, දීමනාව අඛණ්ඩව ලබා ගැනීම සඳහා මෙම සහතිකය ඉදිරිපත් කිරීම නීතිමය වශයෙන් බැඳී සිටින කාරණයක් වන අතර, ප්‍රමාද වීමෙන් ලැබිය යුතු මුදල අහිමි වීමට ඉඩ ඇති බව රණවිරු සේවා අධිකාරිය දැනුම් දී සිටි.
විමසීම්:
මාපිය රැකවරණ අංශය
රණවිරු සේවා අධිකාරිය
අංක 449, ගාලු පාර,
කොළඹ
දුරකථන අංක - 011-2081581
විද්‍යුත් ලිපිනය - www.ranaviruseva.gov.lk