ආරක්‍ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

අප්‍රේල් 29, 2019

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් අද (අප්‍රේල් 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්තුමන් ලෙස හිටපු හමුදාපති ජෙනරාල්  එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා පත්කර ඇත.

ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

ඉන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණි එතුමන් සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.