ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා සහන මෙහෙයුම්
පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

නොවැම්බර් 30, 2025

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ. 30) දින ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ ආපදා කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ජාතික ආපදා ප්‍රතිචාර මෙහෙයුම් තක්සේරු කිරීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්විණ.

එහිදී, දැනට පවතින අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදු වී ඇති ආපදා තත්ත්වය තක්සේරු කිරීම සහ ඊට අදාළව ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑමට ලක්වූ ප්‍රදේශ හරහා සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා යුද්ධ හමුදාපති සහ ගුවන් හමුදාපති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ දැනට ආපදා සහන සේවා කටයුතුවල නිරත වන රජයේ ආයතන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.