ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ ප්‍රඥප්තිය - 1540 ක්‍රියාත්මක කිරීම සහ ද්විත්ව - භාවිත භාණ්ඩවල උපායමාර්ගික වාණිජ කළමනාකරණය ශක්තිමත්
කිරීම පිළිබඳ කලාපීය වැඩමුළුවට සහාය දක්වයි

දෙසැම්බර් 03, 2025

ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය විසින්, යුරෝපා සංගමයේ ද්විත්ව - භාවිත වාණිජ භාණ්ඩ සඳහා වන අපනයන පාලන වැඩසටහන (EU Export Control Programme for Dual - Use Goods - EUP2P), එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලය (United Nations Office for Disarmament Affairs - UNODA) සහ ශ්‍රී ලංකා රජය සමග එක්ව, “එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල ප්‍රඥප්තිය - 1540 (United Nations Security Council Resolution - 1540) ක්‍රියාත්මක කිරීම සහ ද්විත්ව - භාවිත භාණ්ඩවල උපායමාර්ගික වාණිජ කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව” සාර්ථකව පැවැත්වීමට දායක වෙමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී. මෙම ජාත්‍යන්තර වැඩසටහන 2025 නොවැම්බර් මස 26 දින සිට 28 දින දක්වා කොළඹ ෂෙරටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව සඳහා බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 දෙනෙකු එක්රැස් වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල ප්‍රඥප්තිය - 1540 පිළිබඳ කලාපීය අවබෝධය වැඩි දියුණු කිරීම, එය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික කැපවීම් තහවුරු කිරීම සහ ද්විත්ව - භාවිත භාණ්ඩ හා තාක්‍ෂණයන්හි ඵලදායී කළමනාකරණය සඳහා වන යාන්ත්‍රණ ශක්තිමත් කිරීමයි. වැඩසටහන පුරාවට ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය, යුරෝපා සංගමයේ ද්විත්ව - භාවිත වාණිජ භාණ්ඩ සඳහා වන අපනයන පාලන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලය සහ අනෙකුත් පාර්ශ්වකාර ආයතන සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරමින්, සාකච්ඡා සඳහා අවශ්‍ය සහයෝගය හා පහසුකම් ලබාදෙන අතරතුර රසායනික ආරක්‍ෂාව, සුරක්‍ෂිතතාව සහ ප්‍රවර්ධනය නොකිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික විශේෂඥ දැනුම ලබාදෙන ලදී.

මෙහිදී ප්‍රධාන වශයෙන් රසායනික ප්‍රවර්ධනය වැළැක්වීමේ සහ අවම කිරීමේ අවදානම් සඳහා වූ මෑතකාලීන ව්‍යවස්ථාදායක සහ ආයතනික මුලපිරීම් හා ධනාත්මක ක්‍රියාවලීන් සමඟින්, UNSCR - 1540 යටතේ ඇති මූලික වගකීම් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රවේශයන් කෙරෙහි අවධානය යොමු විය. සහභාගි වූ සියලු පාර්ශ්වකරුවන් ද්විත්ව - භාවිත භාණ්ඩ හා තාක්‍ෂණයන් නියාමනය කිරීම හා කළමනාකරණය කිරීමේ ජාත්‍යන්තර ක්‍රියාකාරී පිළිවෙත් සම්බන්ධයෙන් ද විමර්ශනය කරන ලදී. තවද, අන්තර් - ආයතනික සහයෝගීතාවයේ සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වැදගත්කම වැඩමුළුවේදී අවධාරණය කරන ලද අතර, එය කලාපීය ක්‍රියාකාරී ප්‍රජාවක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් ඉස්මතු කරන ලදී. එමෙන්ම, ජාත්‍යන්තර ආධාරක වැඩසටහන් සමඟ අඛණ්ඩ හවුල්කාරිත්වය සඳහා පවතින අවස්ථා පිළිබඳව ද මෙහිදී හඳුනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය විසින්, රසායනික භාවිතයන් ප්‍රවර්ධනය නොකිරීමේ අරමුණු ඉදිරියට ගෙනයාම සහ ද්විත්ව - භාවිත භාණ්ඩවල වගකිවයුතු සහ සුරක්‍ෂිත වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවැනි කලාපීය වැඩසටහන්වල ඇති වටිනාකම අවධාරණය කරයි. මෙම ජාතික අධිකාරිය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ජාතික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටී. යුරෝපා සංගම් අපනයන පාලන වැඩසටහන (EUP2P) නියෝජිතයන් සිය පාර්ශ්වකාර රටවලට රසායනික භාවිතයන් ප්‍රවර්ධනය නොකිරීමේ කැපවීම් තහවුරු කරමින් සුරක්‍ෂිත හා වගකිවයුතු වෙළඳාමක් සහතික කරන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යලිත් අවධාරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය, වැඩමුළුව පුරාවට දක්වන ලද ක්‍රියාකාරී සහභාගීත්වය සහ වටිනා දායකත්වය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම, එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලය, යුරෝපා සංගම් අපනයන පාලන වැඩසටහන සහ සහභාගී වූ සියලුම රටවල්වල නියෝජිතයන් වෙත සිය කෘතඥතාව පළ කර සිටී. කලාපීය හා ජාත්‍යන්තර ආරක්‍ෂාවට දායක වන අනාගත මුලපිරීම් සඳහා අඛණ්ඩ සහයෝගීතාව අපේක්‍ෂා කරන බව ද රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ  ජාතික අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.