තායිලන්තයේ නව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

දෙසැම්බර් 05, 2025

තායිලන්ත රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීම් ලබා යන ගෲප් කැප්ටන් වජිර ජයකොඩි, අද (දෙසැ. 05) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

එහිදී ගෲප් කැප්ටන් ජයකොඩි උණුසුම් අයුරින් පිළිගත් ආරක්‍ෂක ලේකම්වරයා, නව ආරක්‍ෂක උපදේශක ධුරයේ රාජ්‍යතාන්ත්‍රික රාජකාරි වෙනුවෙන් ඔහු වෙත සිය සුභාශිංසන එක් කළේය. එමෙන්ම, මෙම සුහද සාකච්ඡාවේදී තායිලන්තය රජය සමඟින් ඔහුගේ ඉදිරි වගකීම් සහ කටයුතු පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.