ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත ග්‍රන්ථයක් කොළඹදී එළිදක්වයි

දෙසැම්බර් 10, 2025

හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත "The Army Commander’s Promise to the Nation - I Shall Not Leave This War Behind to the Next Army Commander" නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (දෙසැම්බර් 09) සවස කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී වූ අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ තම අත්දැකීම් සහ නායකත්ව අභියෝග පිළිබඳව ආවර්ජනය කරමින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා රැස්ව සිටි පිරිස ඇමතීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අනෝමා ෆොන්සේකා මහත්මිය සහ පවුලේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන්, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ කෙඩෙට් පාඨමාලා සගයන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.