‘‘Clean Sri Lanka’’ වැඩසටහන යටතේ යුද හමුදා භට පිරිස්
වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමක
දෙසැම්බර් 15, 2025
"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව, පසුගියදා (දෙසැම්බර් 10 ) වන දින මුලතිව් සහ කොකිලායි වෙරළ තීරයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා 59 වන සේනාංකයට අයත් 591 වන පාබල බලසේනාවේ භට පිරිස් 450ක් පමණ මෙම පරිසර හිතකාමී වැඩසටහන සඳහා සක්‍රීයව දායක වූහ.
මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රජයේ නිලධාරීන්, රතු කුරුස සංවිධානයේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු බහුවිධ පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් යුතුව ක්‍රියාවට නංවන ලදී.
පරිසරය ආරක්‍ෂා කිරීමේ ජාතික අරමුණු ඉටු කරමින්, ප්‍රදේශවාසීන් සහ ආරක්‍ෂක අංශ අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම මුලපිරීම ඉවහල් විය.