දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වුවන්ට ලැබුණු
විදේශීය මානුෂිය ආධාර බෙදාහැරීම

ජනවාරී 01, 2026

දිට්වා සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශ රටවල් 22ක් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මඟින් ලබාදෙන මානුෂීය සහනාධාර දිවයිනට ලැබුනු අතර, මෙම විදේශීය ආධාර තොග නිසි ලෙස කළමනාකරණය කිරීම, සම්බන්ධීකරණය සහ ඒවා ඵලදායී ලෙස ජනතාව අතර බෙදා හැරීම තහවුරු කරනු පිණිස ගරු ජනාධිපතිතුමන් විසින් 'විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව' (HL-FRAC) පිහිටුවනු ලැබීය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව අවස්ථා කිහිපයකදීම රැස්වෙමින්, සහන සේවා ක්‍රියාවලිය තුළ පූර්ණ පාරදෘශ්‍යභාවය සහ උපරිම කාර්යක්‍ෂමතාව සහතික කිරීමට අවශ්‍ය තීරණාත්මක ක්‍රියාමාර්ග ගනු ලැබීය. ඒ අනුව, ගුවන් තොටුපල සහ වරාය හරහා මෙරටට ලැබුණු විදේශ ආධාර ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයෙහි ආරක්‍ෂිතව සහ විධිමත්ව ගබඩා කර, දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙත එම සහනාධාර කාලෝචිතව සහ විධිමත්ව ලබා දීමේ යාන්ත්‍රණය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) හරහා මේ වන විට වඩාත් ශක්තිමත් කර ඇත. එම කමිටුවේ සයවන සැසිය පෙරදින (දෙසැම්බර් 30) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන (DMC) පරිශ්‍රයේදී පැවැති අතර, එහිදී විදේශ ආධාර ලැබීම් මෙන්ම විදේශ සහන කණ්ඩායම් මගින් ලබාදුන් සේවාවන් පිළිබඳව මාධ්‍යයට පැහැදිලි කිරීමක්ද සිදු කෙරිණි.

පීඩාවට පත් ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ලැබුණු සහනාධාර අතරට විවිධ රටවලින් ලබාදුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග සහ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා භාවිත කරන ප්‍රධාන තාක්‍ෂණික උපකරණ රැසක් ඇතුළත් වේ. යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය විශේෂිත සිවිල් ඉංජිනේරු උපකරණ (පාලම්) සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය වාහන මෙන්ම, නිවාස අහිමි වූ ජනතාවට ආරක්‍ෂිත සහ තාවකාලික රැකවරණය සැලසීම සඳහා අවශ්‍ය විශේෂ කුඩාරම් සහ ආරක්‍ෂිත ආවරණ ද ජාත්‍යන්තර ප්‍රජාව විසින් සපයා ඇත. මීට අමතරව, ජනතාවගේ දෛනික ජීවිතය නැවත ආරම්භ කිරීමට උපකාරී වන විවිධ ගෘහ උපකරණ තොගයක් මෙන්ම, පීඩාවට පත් සැමට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් විවිධ මානුෂීය ද්‍රව්‍ය රැසක් ද, මෙරටට ලැබී තිබේ. ඒ පිළිබද විස්තර පහත සඳහන් පරිදි වේ :

අනු අංකය  අයිතමයන් වර්ගීකරණය

ලැබුණු රට

ලැබුණු ප්‍රමාණය

නිකුත් කල ප්‍රමාණය (2025.12.29 දිනට)

නිකුත් කරන ලද ස්ථාන ගණන (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/වෙනත් ආයතන)

1

ආහාර ද්‍රව්‍යය (Food Items)

ඔස්ට්‍රේලියාව/ කැනඩාව/ ඉන්දියාව/ඊශ්‍රායලය/ මාලදිවයින/ පකිස්ථානය/ ඕමානය/රුසියාව/තුර්කිය/එක්සත් අරාබි එමීර් රාජ්‍යය/ සිංගප්පුරුව/ ඩෙන්මාර්කය/ එක්සත් රාජධානිය

2161.72 Ton

1800 Ton

දි.ලේ.කා. - 20

2

ප්‍රධාන  උපකරණ

(Main Equipment)

වීනය/ස්විස්ටර්ලන්තය/ ජපානය/  ඊශ්‍රායලය/ පකිස්ථානය/ රුසියාව/  ලෝක ආහාර වැඩසටහන

270 No’s

210 No’s

දි.ලේ.කා. - 09

3

සිවිල් ඉංජිනේරු භාණ්ඩ (Baily Bridges)

ඉන්දියාව

55.5 Ton

(4 No’s)

55.5 Ton

මාර්ග සංවර්ධන අධිකාරිය

4

වාහන

ඉන්දියාව

7 No’s

-

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (විශාල ට්‍රක්රථ 02, කුඩා ට්‍රක්රථ 03, වතුර බවුසර් 01, කසල ලොරි 01)

5

ඖෂධ ද්‍රව්‍යය

ඉන්දියාව / මියන්මාරය/  බංගලාදේශය/ ඊශ්‍රායලය/පකිස්ථානය

26.5 Ton

26.5 Ton

සෞඛ්‍ය අමාත්‍යාංශය

6

කූඩාරම් වර්ග (Tentages/Tarpaulins)

වීනය / පකිස්ථානය/රුසියාව/ ජපානය / ලෝක ආහාර වැඩසටහන / ජර්මනිය / නෙදර්ලන්තය

14750 No’s

13550 No’s

දි.ලේ.කා. - 17

7

නිවාස සඳහා භාවිතා කරන උපකරණ  (House hold Equipment)

වීනය / ජපානය/ එක්සත් අරාබි එමීර් රාජ්‍යය/ ලෝක ආහාර වැඩසටහන / ඊශ්‍රායලය /ජර්මනිය

9761 No’s

8515 No’s

දි.ලේ.කා. - 18

8

රෙදිපිලි (Clothing)

ප්‍රංශය/ ඉන්දියාව / මාලදිවයින/ජපානය/ කැනඩාව/ ඕස්ට්‍රේලියාව/ ඕමානය/ කටාර්/ සිංගප්පුරුව

23.2 Ton

15 Ton

දි.ලේ.කා. - 12

9

වෙනත් (Miscellaneous)

ඕස්ට්‍රේලියාව / ඊශ්‍රායල / පකිස්ථානය/ සිංගප්පුරුව

5.1 Ton

3.4 Ton

දි.ලේ.කා. - 07

 

මෙම සියලු සහනාධාර උපරිම විනිවිදභාවයකින් යුතුව විපතට පත් ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීමට රජය කටයුතු යොදා ඇත. බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු සෑම දින තුනකට වරක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත වාර්තා කරනු ලබන අතර, එම ආයතන මඟින් යාවත්කාලීන කරන ලද තොරතුරු මාධ්‍ය වෙත ලබාගත හැකිය.

ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණය වෙතින් මෙම මානුෂීය ආධාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බෙදා හැරීම තවදුරටත් විධිමත් කර ඇත. එම මධ්‍යස්ථානයේ ගබඩා ධාරිතාව පුළුල් කර, ආරක්‍ෂාව තහවුරු කර ඇති අතර, එහි කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය සියලු සහය ලබා දී තිබේ. එමෙන්ම, මෙම බෙදා හැරීමේ සමස්ථ ක්‍රියාවලිය පිළිබඳව ඉදිරියේදී විධිමත් විගණනයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද, ආපදා තත්ත්වය ආරම්භ වූ මොහොතේ සිටම විදේශ රටවල් රැසක් සිය මානව සම්පත් දායකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට ඉදිරිපත් වූ අතර, ඒ අනුව, මේ වන විට රටවල් 07 කින් පැමිණි විශේෂඥයින් 389 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායම් මෙරට සහන මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වී තිබේ. මෙම කණ්ඩායම් දේශීය සහන සේවා අංශ සමඟ අත්වැල් බැඳගනිමින් සෙවීම් සහ මුදවා ගැනීම්, පීඩාවට පත් වූවන්ට කඩිනම් වෛද්‍ය සහාය ලබාදීම සහ හදිසි ඉදිකිරීම් කටයුතුවල නිරත විය.

මීට අමතරව, නවීන තාක්‍ෂණය භාවිත කරමින් ආපදා තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීම, සිතියම්ගත කිරීම සහ පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ජල පිරිපහදු කිරීම් වැනි අත්‍යවශ්‍ය සේවාවන් රැසක් ඔවුන් ඉටු කරන ලදී. මෙලෙස කැපී පෙනෙන සේවාවක් ඉටුකළ සහන කණ්ඩායම් කිහිපයක් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර මේ වන විට දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ පිළිබද විස්තර පහත සදහන් පරිදි වේ :

රට

ලබාදුන් සේවාව

එකතුව

ආපදා සමයේ

සෙවීම් සහ මුදවා ගැනීම්

රෝහල් සහ

වෛද්‍ය සේවා

ඉදිකිරීම් (පාලම්)  

භු විද්‍යා නිරීක්‍ෂණය සහ සිතියම්ගත කිරීම

ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම

ඉන්දියාව

80

85

48

-

-

213

ජපානය

-

27

-

-

-

27

එක්සත් අරාබි  එමීර් රාජ්‍යය

76

-

-

-

-

76

පකිස්ථානය

47

-

-

-

-

47

චීනය

-

-

-

11

-

11

ඉතාලිය

-

-

-

7

-

7

ස්විස්ටර්ලන්තය

-

-

-

-

8

8

එකතුව

203

112

48

18

8

389

 

ශ්‍රී ලංකාව මුහුණ දුන් මෙවැනි අසීරු අවස්ථාවකදී මානුෂීය ගුණයෙන් පෙරමුණ ගෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය සහයෝගීතාවය පළ කළ සියලුම විදේශීය රාජ්‍යයන් වෙතත්, එම රටවල වෙසෙන ජනතාව වෙතත්, විශේෂයෙන්ම සිය මව්බිම වෙනුවෙන් නොමසුරුව කැපවුණු විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙතත්, ගරු ජනාධිපතිතුමන් සහ සමස්ථ ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම ස්තූතිය සහ කෘතඥතාව පළ කර සිටියේය.