රුසියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 12, 2021

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක  කර්නල් ඩෙනිස් අයි. ෂ්කෝඩා අද (ජනවාරි 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්‍ෂක ලේකම් සහ රුසියානු ආරක්‍ෂක උපදේශක අතර පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්විකව වැදගත්  කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.