ආරක්‍ෂක සයිබර් විධානය මඟින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති සියලුම ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ජනවාරී 22, 2026ආරක්‍ෂක සයිබර් විධානය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු අනෙකුත් අනුබද්ධිත සියලුම ආයතන සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2026 ජනවාරි මස 20 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩතාව, වගවීම සහ ආරක්‍ෂිත ඩිජිටල් භාවිතයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් රජයේ “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ආරක්‍ෂක සයිබර් විධානයේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ධම්මික විදානලාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධානයේ අනෙකුත් නියෝජිතයින් විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවන ලදී.
න්‍යායාත්මක හා ප්‍රායෝගික අංගයන්ගෙන් සමන්විත වූ මෙම සැසියට, නැගී එන සයිබර් තර්ජන, සයිබර් අපරාධ ප්‍රවණතා, වැළැක්වීමේ පියවර, සයිබර් ආරක්‍ෂණ හොඳම භාවිතයන් සහ අදාළ සයිබර් නීති පිළිබඳ සජීවී නිරූපණයන් ඇතුළත් විය. එසේම තොරතුරු ආරක්‍ෂණ කමිටුව (ISC), තොරතුරු ආරක්‍ෂණ නිලධාරී (ISO) සහ සහකාර තොරතුරු ආරක්‍ෂණ නිලධාරී (AISO) යන අයගේ වගකීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට අදාළ සංවේදී තොරතුරු හැසිරවීමේදී ඉහළ සයිබර් දැනුවත්භාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී විශේෂ අවධාරණයක් යොමු කරන ලදී.
ආරක්‍ෂිත, ඔරොත්තු දෙන සහ ඩිජිටල් තාක්‍ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් පිළිබඳ ජාතික දැක්මට සහය වෙමින් රාජ්‍ය අංශයේ සයිබර් ආරක්‍ෂණ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පුරා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යාමට ආරක්‍ෂක සයිබර් විධානය කටයුතු කරනු ඇත.