රණක්‍ෂිතයට පත් රණවිරුවෝ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා
වැඳපුදා ගනිති
පෙබරවාරි 08, 2026
රාගම රණවිරු සෙවන, අභිමංසල සහ මිහිඳු සෙත් මැදුර යන සුවසහන නිකේතනවල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සහ පුනරුත්ථාපනය වෙමින් පසුවන රණවිරුවන් පිරිසක්, අද (පෙබරවාරි 08) දින ඉන්දියාවේ සිට වැඩම කොට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන දෙව්නිමෝර් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා එක් වූහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද මෙම පූජනීය දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා පෙබරවාරි 04 වන දින සිට 10 වන දින දක්වා ලෝකවාසී බෞද්ධ ජනතාවට සියැසින් දැකබලා ගැනීම හා වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශනය කෙරෙන අතර, එළඹෙන පෙබරවාරි 11 වන දින යළි ඉන්දියාව බලා වැඩම කරවීමට නියමිතය.
එහිදී රණවිරුවන් මහා සංඝරත්නය ඉදිරියේ ආගමික වතාවත්වල නිරත වූහ.
මෙම ධාතු වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව තුළින් ආබාධිත තත්ත්වයට පත්ව සුවය ලබන වීරෝධාර රණවිරුවන්ට අධ්‍යාත්මික සැනසීම ලබාදීම, ආත්ම ශක්තිය ඉහළ නැංවීම සහ ඔවුන් දිරිගැන්වීම සඳහා මෙම ධාතු ප්‍රදර්ශනයේ ඇති ආධ්‍යාත්මික වැදගත්කම ඉස්මතු වූ අතර, අප රටේ ස්ථිරසාර සාමය හා චිරස්ථිතිය උදෙසා එම රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ කැපවීම හා සේවය වෙනුවෙන් ජාතියේ ගෞරවය සහ කෘතඥතාව ද පිළිබිඹු විය.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.