ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
පෙබරවාරි 19, 2026ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු Sandile Edwin Schalk මැතිතුමා අද (පෙබරවාරි 19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සහ අන්‍යොන්‍ය ආරක්‍ෂක අවශ්‍යතා හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි. තවද දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ඉහළ නැංවිය හැකි අවස්ථා පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් අතර, මිත්‍රශීලී සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශවයේ කැපවීම මෙහිදී යළි තහවුරු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවතින දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළේය. ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමට දකුණු අප්‍රිකාව සූදානම් බව ද යළි අවධාරණය කළේය. මෙම අවස්ථාවට දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.