සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ජනවාරී 15, 2021

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.

මේජර් ජෙනරාල් සේනාධීර මහතා සිය පත්වීම් ලිපිය මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර (විශ්‍රාමික) මහතාගේ සුරතින් ජනවාරි 13 වන දින අමාත්‍යාංශයේදී ලබා ගන්නා ලදි.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික) යන මහත්වරු ද සහභාගී වූහ.