යුද හමුදා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකයි

අප්‍රේල් 30, 2019

මුළු රටම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අන්තවාදී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරයි. නැඟෙනහිර පළාතේ සයින්දමරදු ප්‍රදේශයේ සිදුකල සාර්ථක මෙහෙයුම මෙම සෙවීම් මෙහෙයුම්වල ප්‍රතිඵල පිළිබඳ හොඳ උදාහරණයකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා යොමු කර තිබේ. පසුගිය පැය 24 පුරා යුද්ධ හමුදාව මෙහෙයුම් දියත් කර ඇත. හදිසි නීති රෙගුලාසි යටතේ කඩිනම් පියවර ගත හැකි වන පරිදි යුද්ධ හමුදා භටපිරිස් රට පුරා පුළුල්ව ස්ථානගත කර ඇති බැවින් ජනතාවගේ ඕනෑම ප්‍රයෝජනවත් තොරතුරක් යොමු කළ හැකි බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳුදා (අප්‍රේල් 29) දින පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරන ලදී.

සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු සහ කටකතා වලට නොරැවටෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. තවද ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ මොනයම්ම හෝ තොරතුරක් වෙතොත් බලධාරීන් වෙත ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මහජන ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට යුද්ධ හමුදාව බැදී සිටි. රටේ සහ පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය දශක කිහිපය තුල යුද්ධ හමුදාව කල කැපවීම අමුතුවෙන් මතක්කළ යුතු නැති බවද එතුමන් පැවසිය.