මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම හෙට සිට තහනම් කිරීමට පියවර‍

අප්‍රේල් 29, 2019

ජාතික හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්ණායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිලි කර තිබේ.

රටේ ජාතික ආරක්‍ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය