වියළි කහ සහ ග්ලයිෆොසේට් තොගයක් කල්පිටියෙදී නාවික හමුදා භාරයට

ජනවාරී 27, 2021

නාවික හමුදාවේ වයඹ නාවික විධානය මගින් කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කල වියළි කහ කිලෝග්‍රෑම් 1340ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ඊයේ  (26) නාවික හමුදා භාරයට ලන්නා ලදි.

දළුව වෙරළ තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ තීරය වෙත පැමිණි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී මෙලෙස වියළි කහ සහ ග්ලයිෆොසේට් තොගය සොයාගෙන ඇත.

එහිදී  මළු 37ක අසුරා තිබූ කිලෝග්‍රෑම් 37ක වියළි කහ තොගයක් සහ ග්‍රෑම් 100 බැගින් වූ පැකට් 800ක අසුරා තිබූ ග්ලයිෆොසේට් සොයා ගැනීමට හැකිව ඇත.

සැකකරුවන් වයස අවුරුදු 35 ත් 43 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන  තිබේ.

වියළි කහ හා ග්ලයිෆොසේට් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

මෙම මෙහෙයුම සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කළේය.