යුද හමුදාව සියඹලාණ්ඩු රක්‍ෂිතයේ ගංජා හේනක් විනාශ කරයි

ජනවාරී 27, 2021

ශ්‍රී ලංකා යුධ හමුදා 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් සියඹලාණ්ඩුව බක්මිටියාව රක්ෂිතයේ  නීති විරෝධී ලෙස වගාකරන ලද අක්කරයක පමණ ගංජා හේනක් ජනවාරි මස 26 වන දින වටලන ලදී.

රුපියල් මිලියන 10 ක පමණ වටිනාකමකින් යුතු මෙම ගංජා වගාව මුළුමනින්ම විනාශ කල බව යුධ හමුදාව පවසයි.

හමුදා බුද්ධි අංශ මගින් ලබාදුන් තොරතුරකට අනුව 121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත සහ පොලිසියේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකරන ලදී.

දමන පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.