73 වන නිදහස් සැමරුම සඳහා සියල්ල සුදානම්

පෙබරවාරි 02, 2021

එළඹෙන 73 වන නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා අද දින (පෙබරවාරි 2) උදෑසන නිදහස් චතුරශ්‍රයේදී නිරීක්ෂණය කරන ලදී.

ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ එක්ව මෙම උත්සවයේ පෙරහුරු කටයුතු සහ එහි සූදානම පිළිබද සොයා බලන ලදී.

මෙහිදී ජෙනරාල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදා සන්නද්ධ පෙළපාලිය, ආරක්ෂාව, සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද, සංස්කෘතික සංදර්ශනය ඇතුළු කටයුතු පිළිබද විමසා බලන ලදී.

තවද උත්සවයේ වැඩිදියුණු කල යුතු ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.   

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති  චන්දන වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර , අතිරේක ලේකම් (ආරක්ෂක) පී.බී.එස්.සී. නෝනිස් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගී වුහ.