ප්‍රති ප්‍රහාරයන් වලදී තුවක්කුකරුවන් දෙදෙනෙකු මරුට

අප්‍රේල් 27, 2019

පොලිස් නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (26) දින සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නින්දවූර් සහ සහින්දමරදු ප්‍රදේශයන් වලදී ඇතිවූ වෙඩිතබිගැනීම හේතුවෙන් මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මධ්‍යම රාත්‍රිය පුරාවටම එම ප්‍රදේශය තුළ ආරක්‍ෂක මුරකාවල් යොදවනු ලැබීය.

බුද්ධි අංශය මගින් පොලීසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව යුද්ධ හමුදාව විසින් එම ඉලක්කය තහවුරු කරගැනීමෙන් අනතුරුව නිවසක් පරික්‍ෂා කිරීමට යාමේදී ත්‍රස්තවාදීන් විසින් යුද්ධ හමුදා භටපිරිස් වෙතට බෝම්බ ප්‍රහාර තුනක් ඇතුළුව වෙඩි තැබීමක් සිදු කර ඇත. පසුව යුද්ධ හමුදා භටපිරිස් විසින් ඔවුන් හට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් එම නිවස වැටළු අතර එහිදි නිවසේ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් හමුවි ඇත.

මෙම වෙඩි හුවමාරුව අතරතුර එක් සිවිල් පුරවැසියෙකු ජීවිතක්‍ෂයට පත් වූ අතර තවත් 3 – 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානයකයැයි සැක කෙරෙන එක් අවියක් සහිත ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මිය යනු ලැබිනි. එසේම, මෙම ආරක‍්ෂිත නිවස තුළ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු හෝ බොහෝ බෝම්බකරුවන් සැඟව සිටි ඇති අතර ඔවුන් මේ වන විට මියගොස් හෝ සැඟව සිටින බවට සැක පළ කෙරේ. කෙසේ වෙතත් එම අඳුරු අවස්ථාවේ යුද්ධ හමුදා සාමාජිකයින් හට ඔවුන් වෙත පහරදීමට නොහැකි වූ අතර, පසුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භට පිරිස් විසින් සිවිල් ජනතාවගේ නිවෙස් වටලා ආරක්‍ෂාව සපයනු ලැබිනි.

මෙම වැටලීම කරනු ලැබූ අවස්ථාවේදී ලියාපදිංචි නොකල නවීන වෑන් රථයක් හමු වී ඇති අතර එම වෑන් රථය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන්ගේ මස්සිනා වන නියාස්ගේ බවට සැක පල කෙරේ. මෙම වෑන් රථයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් සහ ආරම්භක වාර්ථා හමුවී ඇති අතර එමගින් 2019 අප්‍රේල් මස 19 වන දින අක්කරපත්තුවේ දී වෑන් රථය මිලදී ගෙන ඇති බව තහවුරු කරගෙන ඇත.

මේ වන විට ප්‍රදේශය පුරාම යුද්ධ හමුදා භටපිරිස් විසිර සිටින අතර පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සමග එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

එසේම යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය සිකුරාදා (26) දින සමන්තුරෙයි ප්‍රදේශයේ නිවසක් පරික්‍ෂා කිරීමේ පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, ජෙලග්නයිට් කූරු, ඇසිඩ් බෝතල්, වයර්, ‘ISIS’ ධජයක් සහ පසුම්බිමක්, සියදිවි නසාගැනීමේ ඇඳුම් කට්ටල සහ යුද්ධ හමුදා නිල ඇඳුම් ආදී ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබූ බවයි.

මෙහිදි මියගිය තුවක්කුකරුවන් හඳුනාගෙන නොමැති අතර මෙම තත්ත්වය යාවත්කාලීන වන තෙක් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබේ.

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය