ඉන්දුනීසියානු යුධ නෞකාව අද හම්බන්තොට වරායෙන් පිටත් වීමට නියමිතයි

පෙබරවාරි 06, 2021

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “Kri Bung Tomo” නෞකාව දෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (2021 පෙබරවාරි 05) දින හම්බන්තොට වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නෞකාව පිළිගන්නා ලදී.

ඉන්දුනීසියානු නාවික හමුදාවේ පළමු දියත් විධානයෙහි ආරක්‍ෂක නෞකා බලඝණ‍යට අයත් ‘Multi Role Light Frigate’ වර්ගයේ මෙම නෞකාව දිගින් මීටර 95ක් සහ 103 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

තවද, ජාත්‍යන්තර සහයෝගීතාවය සංකේතවත් කරමින් මෙලෙස විදේශීය යුධ නෞකා මෙරටට පැමිණීම නාවික සබඳතා ශක්තිමත් කර ගැනීමට උපකාරී වන බව නාවික හමුදාව පවසයි.

මේ අතර, පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව, මෙම නෞකාව හා සම්බන්ධ කටයුතු එම අපේක්‍ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු කර ඇත.

මෙම නෞකාව අද දිවයිනෙන් පිටත් වීමට නියමිතය.