ජාතික ශිෂ්‍යභට බලකා වාර්ෂික අන්තර් පළාත් ක්‍රීඩා උළෙල ජනමාධ්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

ජුලි 07, 2019

ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික අන්තර් පළාත් ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (ජූනි 06) ආරම්භ විය. ආරම්භක උත්සවය ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී මහතා ද සහභාගී විය.

උත්සව අවස්ථාවට පැමිණි විශේෂ අමුත්තන් ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් එම් එම් එස් පෙරේරා විසින් පිළිගන්නා ලදී.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලට දිවයින පුරා ස්ථාපිත කර ඇති බලඇණි 38 කින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක් පමණ සහභාගී වේ.

ප්‍රධාන ආරාධිත අමුත්තාහට ශිෂ්‍යභටයින් විසින් සම්මාන මුරයක් ද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එන් කේ ජී කේ නැම්මෙවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශිෂ්‍ය භටයින් විශාල පිරිසක් සහභාගී වූහ.