යුද හමුදාව පොත්දෙනිකන්ද පාසල් ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

පෙබරවාරි 08, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මාලිබොඩ පොත්දෙනිකන්ද මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ අලුත්වැඩියා කටයුතු ඊයේ (පෙබරවාරි 7) දින දැරණියගල දී ආරම්භ කරන ලදි.

පසුගිය පෙබරවාරි 6 වන දින දැරණියගල පැවති ජනාධිපතිවරයාගේ ‘ගම සමඟ පිළිසදර’ වැඩසටහනේදී පාසලේ සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් විසින් කරන ලද ඉල්ලීමකට සවන් දීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම ක්‍රීඩා පිටිය  අලුත්වැඩියා කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද  හමුදාවට භාර දෙන ලදි.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද  හමුදා  පළමුවන ක්ෂේත්‍ර  ඉංජිනේරු භටයින්ගේ ශ්‍රමය හා තාක්ෂණික විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.