යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියනයක් වටිනා සනීපාරක්‍ෂක උපකරණ තොගයක්

පෙබරවාරි 11, 2021

එක්සත් රාජධානියේ පිහිටි ජාත්‍යන්තර සහන හා සංවර්ධන ආයතනයේ ‘Muslim Aid Sri Lanka’ සංවිධානය විසින් ලොව පුරා ව්‍යාප්තව ඇති වසංගතය හමුවේ ජනවාර්ගික සමගිය සහ ප්‍රජා වගකීම අරමුණු කරගත් සේවාවන් සංකේතවත් කරමින් නිරෝධායන මධ්‍යස්ථානවල භාවිතය සඳහා සනීපාරක්‍ෂක උපකරණ කට්ටල 500 ක් පරිත්‍යාග කරන ලදි.

රුපියල් මිලියනයක් පමණ වටිනා මෙම පරිත්‍යාගය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පෙබරවාරි මස 9 දින යුධ හමුදා මුලස්ථානයේදී ලබාදෙන ලදි.

‘Muslim Aid Sri Lanka’ සංවිධානයේ අධ්‍යක්‍ෂ ඒ. සී. ෆයිසර් ඛාන්, ප්‍රසම්පාදන හා සැපයුම් නිලධාරි එම්. අයි. ඉසාහුක්, වැඩසටහන් කළමණාකරු එම්. එච්. එම්. අමීර් ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.