මිලියන 3ක් වටිනා කහ තොගයක් කාකතිවු දූපතේදී යුද හමුදා භාරයට

පෙබරවාරි 13, 2021

ශ්‍රී ලංකා හමුදාවේ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් මන්නාරම කාකතිව් දූපතේ මුර සංචාරයක යෙදී සිටියදී කහ කිලෝග්‍රෑම් 437 ක් මෑතකදී සොයා ගෙන තිබේ.

රුපියල් මිලියන 3 ක් පමණ වටිනා මෙම අමු කහ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කාකතිව් පොලිසියට භාර දුන් බව යුද හමුදාව පවසයි.