යුධ හමුදාව බුත්තල ප්‍රදේශයේ පැළ 900 ක් සිටුවයි

පෙබරවාරි 15, 2021

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කුඹුක්, නා සහ මී පැළ 900 ක් බුත්තල රජ මහා විහාර පරිශ්‍රයේදී පසුගිය දා රෝපණය කළේය.
 
දිවයිනේ වන ආවරණය වැඩි කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දියත්කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 121 වන බලසේනාධිපතිගේ උපදෙස් අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
 
20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 18 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් මෙම උදාර අරමුණ වෙනුවෙන් දායකත්වය දැක්වූහ.