කේරළ ගංජා කිලෝ 16 ක් නාවික හමුදා භාරයට

පෙබරවාරි 16, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය උඩුත්තුරෙයි සහ මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයන්හී  සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 16 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) ඊයේ දින  නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 05 කට ආසන්න වෙතැයි විශ්වාස කරන බව නාවික හමුදාව පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හදුනාගත් අතර, අදාල සැකකරුවන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලෙයි සහ මන්නාරම පොලිස් ස්ථාන වෙත භාර  දී ඇත.

මෙම මෙහෙයුම  සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කර ඇති බව  නාවික හමුදාව තහවුරු කරයි.