අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් සඳහා දිවුරුම් දෙයි

පෙබරවාරි 19, 2021

අමාත්‍ය ගරු. චමල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ (18) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ දෙකකට බෙදා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

රාජපක්‍ෂ මහතා අමාත්‍ය ධුර වෙන් කිරීමට පෙර රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විය.