නාවික හමුදාව විසින් මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ

පෙබරවාරි 25, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර ජයසාගර නෞකාව තුළ ස්ථාපිත කරන ලද මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය (Sea water Reverse Osmosis Plant) ඊයේ (පෙබරවාරි 24) දින විවෘත කරන ලදී.

නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදනය කරන ලද මෙය ප්‍රථම වරට නාවික හමුදාවේ නෞකා වෙනුවෙන් නිෂ්පාදනය කල මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය වේ.

අලුතින් එකතු කරන ලද මෙම පහසුකම මගින් දිනකට මුහුදු ජලය ලීටර් 10,000 ක් පමණ පිරිසිදු කළ හැකි බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් මෙම මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කරන ලදී.