ගුවන් හමුදාව අඛණ්ඩව දෙවන වරටත් හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මානය ලබා ගනි

පෙබරවාරි 25, 2021

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (Association of Public Finance Accountants of Sri Lanka ) සහ මුදල් අමාත්‍යාංශය එක්ව රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන ලබාදිමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වන දින සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලාවෙදී පැවැත්විණි.

එහිදී, 2018 මූල්‍ය වර්ෂයට අදාළව අඛණ්ඩව දෙවන වරටත් රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මානය ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමත්  විය.

සම්මානය ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ වෙත පිළිගැන්වීම පෙබරවාරි 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.