ශ්‍රී ලංකා භට පිරිස් දකුණු ලෙබනනයේ ඒකාබද්ධ මෙහෙයුමක

මාර්තු 04, 2021

දකුණු ලෙබනනයේ රජකාරින්හි නියුතු ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු හමුදා ආරක්ෂක කණ්ඩායම් භට පිරිස් විසින් කලාපය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පසුගියදා දකුණු ලෙබනනයේ මින්ගි වීදියේ ඒකාබද්ධ මුර සංචාරයක් සිදුකරන ලදී.

ඉන්දුනීසියානු අණදෙන නිලධාරී කර්නල් නුරුල් යකීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද මෙම ඒකාබද්ධ මෙහෙයුම සඳහා සන්නද්ධ රථ සහ සැහැල්ලු වාහන භාවිතා කරන ලදී.

ආරක්ෂක කණ්ඩායම් දෙක නියෝජනය කරමින් ලුතිනන් කර්නල් සුජීව බටගල්ල සහ ලුතිනන් කර්නල් එක විරා ධර්මවන් යන නිලධාරීන් සිය භට පිරිස් මෙහෙයවනු ලැබීය.