පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවෙයි

මාර්තු 04, 2021

පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් සහ ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 04) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ආරක්ෂක ලේකම්වරයා, පකිස්තාන ගුවන් හමුදාපතිවරයා සමඟ ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම හමුවීම පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ පකිස්තාන ගුවන් හමුදාපතිවරයා අතර සිහිවටන හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.