වියළි කහ කිලෝග්‍රෑම් 2217 නාවික හමුදා අත්අඩංගුවට

මාර්තු 05, 2021

සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්‍රදේශයන්හි අවස්ථා දෙකකදී සිදුකළ මෙහෙයුම්වල දී වියළි කහ කිලෝග්‍රෑම් 2217ක් සහ සැකකරුවන් සත් දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාන්කුලම්  ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ ගෝනි 24 ක අසුරන ලද වියළි කහ තොගය ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් මෙහෙයුමෙදී ගෝනි 38 ක අසුරා ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1391 ක තොගයක ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ හා සම්බන්ධයෙන් සැකකරුවන් 05 ක් දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 31ත් 52ත් අතර වයසේ පසුවන සිලාවතුර, පාලවිය සහ වත්තල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය, සැකකරුවන් සහ වාහන අදාළ පොලිසීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මීට අමතරව, මෑතකදී සිදුකළ නාවික හමුදා මෙහෙයුම් වලදී මිලියන 6 ක් වටිනා ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස් මත්ද්‍රව්‍ය) තොගයක් ද අත්අඩංගුවට ගනු ලැබීය.