ගුවන් හමුදා පියාසර බලඝන දෙකකට ජනාධිපති වර්ණ

මාර්තු 05, 2021
  • සන්නද්ධ හමුදාවල ප්‍රධාන වගකීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පියාසර බලඝන දෙකක් සඳහා ජනාධිපති වර්ණ පිළිගැන්වීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරෙදී අද (මාර්තු 5) දින සිදුකෙරිණි.

ඒ අනුව අංක 5 ජෙට් බලඝනය සහ අංක 6 හෙලිකොප්ටර් බලඝනය වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කෙරිණි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමන්ව උණුසුම් ලෙස කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරෙදී පිළිගන්නා ලදි.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාද සහභාගී විය.

ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව රාජපක්ෂ මැතිතුමා පිරිස අමතමින් සඳහන් කළේය.

රටේ සංවර්ධනය සඳහා අතිශයින්ම වැදගත් වන ජාතික ආරක්ෂාව පිළිබඳව අවධාරණය කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය. විශේෂයෙන් ගුවන් හමුදාවට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ශ්‍රී ලංකාවේ යහපැවැත්මේ තීරණය කෙරෙන ඉන්දියන් සාගරය තුළ නිදහස් හා සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමද අත්‍යවශ්‍ය වන බවයි.

විදේශීය ගුවන් හමුදා සාමාජිකයනට ප්‍රශංසාව පුද කරමින් ජනාධිපතිතුවරයා ජාතීන් අතර මිත්‍රශීලි සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත්, එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළයුතු බවත් සඳහන් කළේය.

සාමය සහතික කිරීම සඳහා දිවිහිමියෙන් සේවය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින්ට ඔහු තම උපහාරය පිරිනැමීය.

වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ අංක 02 සහ අංක 05 බලඝණ ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබීය. තවද ඉන්දියානු ගුවන් යානා ද ඔහුගේ නිරීක්ෂණයට ලක් විය.

"ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය" තේමා කොට ගෙන එයාර් කොමඩොර් චන්න දිසානායක විසින් රචිත ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත එහිදි පිළිගන්වනු ලැබීය.

ඕනෑම ත්‍රිවිධ හමුදාවක් වෙත පිරිනැමිය හැකි ඉහළම ගෞරවය ලෙස සැලකෙන මෙම ජනාධිපති වර්ණ ප්‍රදානය කිරිමේ උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුමට සමගාමීව සිදුවිය.

අද දින පිරිනමන ලද ජනාධිපති වර්ණ දෙකත් සමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට ජනාධිපති වර්ණ 13 කින් සමන්විත වේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න,පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු සහ බංග්ලාදේශ, පකිස්ථාන, එක්සත් ජනපද ෆැසිපික් ගුවන් හමුදා ප්‍රධානීහූ, හිටපු ගුවන් හමුදාපතිවරු සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ සෙසු නිලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.