යුද හමුදාව කපුවත්ත ප්‍රදේශයේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

මාර්තු 06, 2021

යුද හමුදා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් 12 වන ශ්‍රී ලංකා ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් පසුගිය දිනක කපුවත්ත, වල්ලාවිට රක්ෂිතයේ ඇතිවූ ගින්නක් සාර්ථකව මැඩපැවැත්විය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම සිදුකරන ලදී.