සමාජ විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට යුද හමුදා සහාය

මාර්තු 06, 2021

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් රටේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා රාජකාරින්හී නිරතව සිටින යුද හමුදා භටපිරිස් විසින් සහාය ලබාදේ.

සමාජ විරෝධී කොටස්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම්කරුවන්, නීතිවිරෝධී ලෙස ගස් කපන්නන්, පාරිසරික හානි සිදු කරන්නන්, අපරාධකරුවන් විසින් සිදුකරගෙන යනු ලබන සමාජ විරෝධී ක්‍රියාකාරකම් රටින් තුරන් කිරීමට මෙය උපකාරී වේ.

ඒ අනුව ජයන්තිය, අම්බලපෙරුමල්කුලම් සහ වසන්තිපුරම් යන ප්‍රදේශවලදී යුද හමුදා භටපිරිස් විසින් පොලිසියේ සහාය ඇතිව මාර්තු මස 04 වන දින සිදුකරන ලද මෙහෙයුම් වලදී වැලි කැණීමේ උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධී වැලි කැණීම් සඳහා භාවිතා කරන උපකරණ සහ ට්‍රැක්ටර් කිහිපයක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සියලු නීති විරෝධී උපකරණ අදාළ පොලිසිය වෙත භාර දී තිබේ.