ජාතික ආරක්‍ෂක මණ්ඩලය ජනපති ප‍්‍රධානත්වයෙන් රැස් වේ

අප්‍රේල් 22, 2019

අද රාති‍්‍ර 12.00 සිට ත‍්‍රස්තවාදී මර්දනයට අදාළ වගන්ති හදිසි නීති රෙගුලාසි යටතට …

හෙට ජාතික ශෝක දිනයක් …

ජාතික ආරක්‍ෂක මණ්ඩලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී පහත සඳහන් තීරණවලට එළැඹිණි.

ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති‍්‍ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත.

මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

ඊයේ සිදු කළ ත‍්‍රස්ත කි‍්‍රයාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත‍්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එකී සියලු විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිතුමා පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර, එහි දී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිනු ඇත.

දේශීය ත‍්‍රස්තවාදීන්ගේ මෙම සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලු ස්ථානවලට විධිමත් ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකසන්නැයි ද ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්‍ෂක අංශවලට උපදෙස් දී තිබේ.

රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ඉදිරි කි‍්‍රයාමාර්ග වහාම කි‍්‍රයාත්මක කිරීමට පොලීසියට සහ ති‍්‍රවිධ හමුදාවටත්, ආරක්‍ෂක අමාත්‍යාංශයටත් ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.

මේ අතර අද රාති‍්‍ර 8.00 සිට හෙට අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද රජය තීරණය කර තිබේ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය