ආනන්ද විද්‍යාලීය ලියෝ සංගමයෙන් මුව ආවරණ 10,000 ක්

මාර්තු 08, 2021

කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමය විසින් මුව ආවරණ තොගයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත  අද (මාර්තු 8) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදි.

එහිදී ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමයේ සභාපති ලියෝ සුනෙර ලැනරෝල් විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත KN 95 වර්ගයේ මුව ආවරණ 10,000 ක් ලබා දෙන ලදි.

කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීමට රජය ගෙන ඇති පියවරයන්ට ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමයේ ද සහය ලබාදිමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත. 

මෙම මුව ආවරණ තොගය සඳහා අනුග්‍රහය ස්ලිම් ඖෂධ සමාගම (Slim Pharmaceuticals (Pvt) Ltd) විසින් ලබාදී ඇති බව ලියෝ සංගමයේ සභාපති ලියෝ සුනෙර ලැනරෝල් සඳහන් කළේය.  

විවිධ පරාසයන් තුළ ඵලදායී ව්‍යාපෘතීන් රැසක් ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමය විසින් වාර්ෂිකව සිදුකරනු ලබයි.