ගංජා කිලෝ 107 ක් නාවික හමුදා භාරයට

මාර්තු 09, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝ 107 ක් කල්පිටිය සෝමතිව් දූපතෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඊයේ ( මාර්තු 8) අත්අඩංගුවට ගෙන ඇත.

අත්හැර දමනලද තෙප්පමක් තුළ සූක්‍ෂම ලෙස සඟවා තිබියදී මෙම ගංජා තොගය සොයාගෙන ඇත.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය මෙලෙස සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව අවධාරණය කරයි.

අත් අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ බලධාරීන්ට භාර දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.