නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන රෝපණය කෙරේ

මාර්තු 15, 2021

සමුද්‍ර ශාක පරිසර පද්ධතිය සුරැකීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කඩොලාන පැළ 700 ක් පොන්නාලෙයි කලපුවේ ඊයේ (මාර්තු 14) දින රෝපණය කරන ලදී.  

වෙරළබඩ පරිසර පද්ධතිවල ඇති කඩොලාන ශාක වෙරළබඩ කලාපයට පමණක් නොව සමස්තයක් වශයෙන් රටට ප්‍රතිලාභ ලබාදීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟපෙන්වීම මත උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් වැඩසටහන ආරම්භ කළේය.