මාලි හි සාම සාධක මෙහෙයුම් වල නිරත භට පිරිස් විසින් මර උගුල් 15 ක් සොයා ගැනේ

මාර්තු 18, 2021

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් යටතේ ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩය මාර්තු 15 දින දක්වා සංග්‍රාමික රථ ආරක්‍ෂක මෙහෙයුම් 21 සිදු කර ඇති අතර වැඩිදියුණු කළ මර උගුල් 15 ක් පසුගිය මාස කිහිපය තුළ සොයාගෙන ඇත.

ප්‍රදේශයේ කිසිදු සිවිල් වැසියෙකුට හෝ උපකරණවලට හා හමුදා සෙබළුන්ට කිසිදු හානියක් සිදුනොවන ලෙස මෙහෙයුම් සිදූකිරීම පිළිබඳව මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරිවරයාගේ ඇගයීමට ලක්වූ බව යුද හමුදාව පවසයි.

තවද, සොයාගත් මර උගුල්, ප්‍රභූවරුන් සහ පළාත් පරිපාලකයින් ඉලක්ක කර ගනිමින් මොප්ටි, කිඩාල් සහ ටොම්බොක්ටෝ ප්‍රදේශවල ගෝත්‍රික සටන්කරුවන් විසින් වලදමා ඇති බවට විශ්වාස කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරි සහ මාලි හි අනෙකුත් ඉහළ පෙළේ හමුදා සහ සිවිල් පරිපාලකයින් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ කඳවුරට පැමිණ ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන්ට ඔවුන්ගේ විශිෂ්ට හැකියාවන් පිළිබඳව ප්‍රශංසා කළහ.