‘දීඝවාපිය අරුණ’ ගිණුමට රුපියල් මිලියන 2.65ක්

මාර්තු 19, 2021

‘දීඝවාපිය අරුණ’ ගිණුම වෙත රු. මිලියන 2.65 ක් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු විසින් පරිත්‍යාග කිරීම ඊයේ (මාර්තු 18) සිදුවිය.

ආරක්‍ෂක ලේකම් හා නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත මෙම චෙක්පත අමාත්‍යාංශ පරිශ්‍රයේදී භාර දෙන ලදි.

මහරගම අපෙක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු පැවසුවේ මෙරට සහ විදේශීය දානපතීන්ගේ සමූහ දායකත්වයෙන් යුත් මෙම පරිත්‍යාගය දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පරිත්යාග කළ බවයි.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.