යුද හමුදාව නවීන තාක්‍ෂණයෙන් යුත් පරිසර හිතකාමී බස් නැවතුම් පොළක් හදුන්වා දේ .

මාර්තු 19, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බත්තරමුල්ල ‘දියත උයන’ ප්‍රදේශයේදී නිර්මාණය කරන ලද පරිසර හිතකාමී සහ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වායුසමීකරණය කරන ලද බහුකාර්ය බස් නැවතුම්පොල පසු ගිය දිනක විවෘත කරනු ලැබිණි.

මෙම 'බහුකාර්ය බස් නැවතුම්පොල' ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද්දකි.

එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්, මගී ආසන, Wi-Fi පහසුකම්, වායුසමීකරණ පද්ධතියක්, CCTV පද්ධතිය, ස්වයංක්‍රීය දොරවල් සහිත පිවිසුම් දෙකක්, නගර සිතියම්, වෙළඳ දැන්වීම් සඳහා ඩිජිටල් LCD පද්ධතිය සහ රීලෝඩ් පහසුකම් සහිත කුඩා වෙළඳසැලක් සහ බස්රථ කාලසටහනකින්ද සමන්විත වේ.

රථ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන් හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්ව බස්රථ නැවතුම විවෘත කරන ලදි.

බස් රථ නැවතුම විවෘත කිරීමෙන් පසු එහි කළමණාකරන කටයුතු මෙන්ම ඉදිරි භාරකාරිත්වය ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වෙත පවරනු ලැබිය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තුමන්ද සහභාගී වූහ.