‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ නිවාස සිහින සැබෑ වේ

මාර්තු 20, 2021

        •    යුද හමුදා රණවිරුවන් සඳහා නිවාස විසඳුම්
 
ජාතියට කළ දැවැන්ත සේවය අගය කරමින් යුද හමුදා රණවිරුවන් දෙදෙනෙකු වෙත 'අපි වෙනුවෙන් අපි' අරමුදල සහ යුධ හමුදා ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් ඉදිකරන ලද නව නිවාස දෙකක් අද (මාර්තු 20) දින මාතර වැවහමන්දූව ප්‍රදේශයේදී හි පැවති උත්සවයකදී භාර දෙන ලදි.

‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස සම්පූර්ණ කිරීම සඳහා, සම්පූර්ණ හා අර්ධ වශයෙන් ප්‍රදානයන් ලබාදෙනු ලබයි.

ඒ අනුව 9 වන ගැමුණු හේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් මහීරාජ් වයි කේ ඩී එන් රණවිරුවා විසින් අර්ධ වශයෙන් ඉදිකරන ලද සිය නිවස සම්පූර්ණ කිරීම සඳහා ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ ඔහු වෙත මූල්‍ය ආධාර ලබා දෙන ලදි.

පසුගිය මානුෂීය මෙහෙයුම අතරතුර තුවාල ලැබූ ඔහු වෛද්‍ය හේතු මත විශ්‍රාම ගන්නා ලදි.

මහා සංඝ රත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ පැවති මෙම උත්සවය සඳහා ගරු මහජන ආරක්‍ෂක‍ හා තාක්‍ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූහ.

තවද ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ මූල්‍ය ආධාර ලබා තම නිවාස සිහිනය සැබෑකරගත් අනෙක් ප්‍රතිලාභියා වන්නේ 10 ගැමුණූ හේවා බළකායේ වර්ණ සැරයන් විදානාරාච්චි එල් රණවිරුවා 1997 දී කයිට්ස් හි කුරිරු ත්‍රස්ත බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා ඇත.

ඒ අනුව අර්ධ වශයෙන් ඉදිකරන ලද තම නිවාසය නිම කිරීමේ ඔහුගේ සිහිනය ද ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල යටතේ යථාර්ථයක් බවට පත්විය. උත්සවය අතරතුර ප්‍රතිලාභීන් දෙදෙනා හට වටිනා තෑගි ද ප්‍රධානය කරන ලදි.

අමාත්‍ය සරත් වීරසේකර මහතා උත්සව සභාව අමතමින් සිහිපත් කළේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරය දැරූ කාලය තුළ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල පිහිටුවීමට ගත් පියවර ප්‍රසංශාවට ලක් කරමිනි.

මහ සංඝ රත්නය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, යුද හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපති සහ ගැමුණු රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමලා බණ්ඩාර මහත්මිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.