යුද හමුදා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මාර්තු 21, 2021

කිලිනොච්චි මහ රෝහලේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් රෝහලේ පාරවිලයන අංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ  විසින් පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම ලේ දන්දීමේ වැඩසටහනට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ද්‍රවිඩ සිවිල් පුරවැසියන් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට වැඩි පිරිසක් දායක විය. 

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ කාර්යය මණ්ඩලය ලේ දන්දීමේ ව්‍යාපාරයට සහාය ලබා දෙන ලදි.