පස්සර බස් අනතුරින් තුවාලවූවන් බේරා ගැනීමට යුද හමුදා සහය

මාර්තු 21, 2021

බදුල්ල බිබිල මාර්ගයේ පස්සර ප්‍රදේශයේ දී ඊයේ (මාර්තු 20) දින ප්‍රපාතයකට වැටී අනතුරට ලක්වූ බස් රථයේ මගීන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් සහ වෛද්‍ය කාර්යය මණ්ඩල සහය ලබා දෙන ලදි.

මෙම ඛේදවාචකය පිළිබඳ තොරතුරු ලද විගස ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බව යුද හමුදාව පවසයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පස්සර සහ බදුල්ල රෝහල් වෙත යවා තිබේ.

පස්සර 13 වන සැතපුම් කණුව ආසනයේ දී බස් රථය අඩි 200 කට වැඩි ප්‍රපාතයකට වැටී ඇත.